Powered by Blogger.

Tuesday, December 25, 2012

වෝර්න් මුරලි දෙවන ටෙස්ට් තරගය

තරග ආරම්භය 
දෙසැ. 26 - 30
උදෑසන 5.00

ප්‍රධාන තොරතුරු 

දෙසැම්බර් 26 වෙනිදා, බොක්සින් දවස (Boxing Day) යනුවෙන් හදුන්වන දවසේ ඕස්ට්‍රේලියානුවන්ට සුන්දර මතක හිමි උනත්, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට නම් එම දවස අමතක නොවන දිනයකි . දෙසැම්බර් 26 වනදා දිනයක  මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි මුරලිදරන් හට ඩැරල් හෙයාර් විනිසුරු වරයා පන්දුව දමා ගසන බවට චෝදනා කළ දිනය ලෙස අපට එම දිනය හැදින්විය හැකිය. පසුව එම චෝදනාව නිශ්පල වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 පරාජයට පත් විය.

ශේන් වොට්සන්ගේ නායකත්වයෙන් තරග වදින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්ථා වනවා. ආබාධයකට ලක්වී සිටින මයිකල් ක්ලාර්ක් සහ බෙන් හිල්ෆෙන්හවුස් වෙනුවට උස්මන් කවාජා සහ මිචෙල් ජොන්සන්ව කැදවා තිබේ. මිචෙල් ස්ටාර්ක් වෙනුවට මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට බර්ඩ් ශෆ්ලින්ව කැදවා තිබේ.

තරගාවලිය තවදුරටත් ප්‍රාණවත්ව තබා ගැනීමට මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයක් හෝ ජය පැරදුමෙන් තොරව නිම කර ගත යුතුයි.පසුගිය තරගයේදී ජේෂ්ඨ ක්‍රීඩකයන් පෙන්වූ අසාර්ථක පිතිකරණය තවදුරටත් නොපෙන්වා කණ්ඩායමේ වගකීම හරියාකාරව ඉටු කලහොත් කණ්ඩායමේ ජයග්‍රහනය වැඩි ඈතක නොවන බව පෙන්වා දිය යුතුය.

පසුගිය තරග 
Australia WLDDW
Sri Lanka LLWDD

ශේන් වොට්සන් 

ආබාධයෙන් පසුව පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන්ට හෙට ඇරබෙන තරගය වඩාත් විශේෂ තරගයක් වනවා නිසැකය. 2010 වර්ශයෙන් පසුව ශතකයක් වෙත ලගා වී නොමැති වොට්සන් boxing day නැමැති සුවිශේෂී දිනයේදී තමන් නායකත්වය දරන තරගයේදී ශතකයක් වාර්ථා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විචාරකයන් සදහන් කරනවා.

මහේල ජයවර්ධන 

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩා කරන පිතිකරුවන් අතුරින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන සිටින පිතිකරුවා වන්නේ නායක මහේල ජයවර්ධනයි. තමන්ගේ අවසාන ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නොලැබූ ජයග්‍රහනය ලබා කර දීමට ඔහු උපරිම උත්සහ කරනු ඇත.පසුගිය තරගාවලි කිහිපයේදී ඔහු පෙන්වූ අසාර්ථකත්වය දෙවන ටෙස්ට් තරගයේදී නොපෙන්වා නායකත්වයේ වගකීම ගෙන ක්‍රීඩා කලහොත් ඔහුට කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙන යාමට අපහසු නොවේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම
1. එඩ් කොවන් 2. ඩේවිඩ් වෝර්නර් 3. පිලිප් හියුජ් 4. ශේන් වොට්සන් 5. උස්මාන් කවාජා 6. මයිකල් හසී 7. මැතිව් වේඩ් 8. මිචෙල් ජොන්සන් 9. පීටර් සීඩ්ල් 10. නේතන් ලියොන් 11. ජැක්සන් බර්ඩ්

ශ්‍රී ලංකා කණ්ඩායම 
1. තිලකරත්න දිල්ශාන් 2. දිමුත් කරුනාරත්න 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5. තිලාන් සමරවීර 6. ඇන්ජලෝ මැතිව්ස් 7. ප්‍රසන්න ජයවර්ධන 8. නුවන් කුලසේකර/ දම්මික ප්‍රසාද් 9. ශාමින්ද එරංග 10. රංගන හේරත් 11. චානක වෙලගෙදර

පිටිය සහ කාලගුනය 
ගෙවීගිය සතියේ සෞම්‍ය කාලගුනයක් පැවති මෙල්බර්න් නගරයට, දෙවන ටෙස්ට්   තරගයට වැස්සෙන් බාධා ඇතිවීමට අඩු සම්බාවිතාවයක් පවතී. පිතිකරුවන්ට සහ දග පන්දු යවන්නන්ට වාසි ගෙන දෙන තණ තීරුවක් ලෙස මෙල්බර්න් තණ තීරුව හැදින්විය හැක.

ඔබ දන්නවාද? 

* 1995 වර්ශයේදී  බොක්සින් දවස දිනයේදී MCG ක්‍රීඩාංගනයේදී පැවති තරගයේදී ඩැරල් හෙයා විනිසුරු විසින් මුත්තයියා මුරලිදරන් හට පන්දුව දමා ගසන බවට චෝදනා කරනු ලැබුවා.

*10,000 ටෙස්ට් ලකුණු කඩයිම පසු කිරීම සදහා කුමාර් සංගක්කාරට තව 40ක් පසු පසින් සිටිනවා.

කරුණු  - ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය

Thursday, November 29, 2012

පර්ත් තරගයෙන් පසු පොන්ටින් සමුගනී...

රිකී පොන්ටින්, ඕස්ට්‍රේලියානු හිටපු නායක ඕස්ට්‍රේලියාව හා ද.අප්‍රිකාව අතර පර්ත් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයෙන් තම ටෙස්ට් ක්‍රිකට් දිවියට සමාප්තිය තබන්නට තීරනය කර ඇත. වසර 17කට පෙර මෙම පර්ත් ක්‍රීඩාංගනයේම ටෙස්ට් වරම් ලැබූ පොන්ටින් එම පිටියදීම තම ටෙස්ට් දිවියට තිත තබන්නට තීරණය කොට තිබීම දෛවෝපගත සංසිද්දියකි. ""අද උදෑසන මම කණ්ඩායමේ සාමාජිකයන්ට මාගේ තීරණය පවසන විට මා කිසිදා නොවූ පරිදී වඩාත් හැගුම්බර උනා" රිකී පොන්ටින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

2011 වර්ශයේදී මයිකල් ක්ලාර්ක් හට තම නායකත්වය දෙන විට පොන්ටින් ලොව වැඩිම ටෙස්ට් තරග හා තරගාවලි ජයග්‍රහනය කල අභිමානවත් නායකයෙක්ව සිටියා.. ""මෙම තීරණය ගැනීමට පෙර මම බොහෝ සේ කල්පනා කරනු ලැබුවා. අවසානයේදී සමුගැනීමේ තීරණය මා දවස තිස්සේ කල්පනාවේ ප්‍රථිපලයක් ලෙස ඔබ වෙත ගෙන එන්නට මා තීරණය කලා. ඕස්ටේලියානු ජාතික කණ්ඩායමේ සිටින සෑම ක්‍රීඩකයෙකුම යම් කිසි දක්ශතා මට්ටමක සිටිය යුතුයි. නමුත් පසුගිය මාස 12 ඇතුලත  කාලය තුල මා දැක්වූ දක්ශතාව ගැන මා සෑහීමකට පත්වෙන්නේ නෑ" ඔහුගේ මාධ්‍ය සාකච්චාව තුලදී වරක් ප්‍රකාශ කළාය.

                          බ්‍රිස්බේන් සහ ඇඩ්ලේන් හි පැවැත්වූ තරග දෙකෙහි ඔහුගේ දැවීයාම පොන්ටින්ගේ වචනයෙන්ම ප්‍රකාශ කරන ලද්දේ තමන් "අස්ථීර(tentative)" ආකාරයෙන් එම තරග දෙකෙහි දැවී ගියා යනුවෙනි. ඇඩ්ලේඩ් හි ඔහුගේ  දැවීයාම 1995 පසු  එක් තරගයකදී ඉනිම් දෙකේදිම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගිය 2වෙනි අවස්ථාව වේ.

                        "මෙම සමුගැන්ම තේරිම්කමිටු තීරණයක් නොව සම්පූර්ණයෙන්ම මාගේ තීරණයක්,මා මේ අවථාවේදී ස්තූති කිරීමට කැමතී ගෙවීගිය මාස 12 ඇතුලත මා හට උදව් කල සෑම සියලු දෙනාටම. ඔවුන්ගේ වචනයෙන් පවා ලැබුනු දිරිමත් කිරීමෙන් මා ඉතා විශාල ධෛරියක් ලැබුවා. " රිකී පොන්ටින් තවදුරටත් ප්‍රකාශ කලේය.

                         මාධ්‍ය සාකච්චාව පුරා ඉතා හැගුම්බරව කදුලු සමග  සිටි ඕස්ට්‍රේලියානු වර්ථමාන නායක මයිකල් ක්ලාර්ක් ප්‍රකාශ කර සිටියේ "ඔහු මට ඇඩ්ලේඩ් ටෙස්ට් තරගයෙන් පසුව ඔහුගේ සමුගැන්ම ගැන ප්‍රකාශ කරන විට මට සිතාගැනීමට පවා අපහසු උනා. ඔහු ඉතාමත්ම අනර්ඝ ක්‍රීඩකයෙක්. ඉදිරියටත් එය එසේම වේවි." යනුවෙනි.

                        රිකී පොන්ටින් ඉදිරියට ටස්මේනියා සහ බිග් බෑශ් තරගාවලියේදී හෝබාර්ට් හරිකන්ස් කණ්ඩායම් වලට ක්‍රීඩා කිරීමට නියමිතයි.

                        රිකී පොන්ටින් මෙසේ පවසා මාධ්‍ය සාකච්චාව නිම කර සිටියා...
""මම දන්නවා ක්‍රිකට් වෙනුවෙන් මං මගේ සියලුම දේම කැපකලා, එය වසර 20ක්, මට මීට වඩා කැපකිරීම් කිරීමට නොහැකී."

Wednesday, October 31, 2012

කාලගුනය 1 වන එක්දින තරගයේ විසදුම තීරනය කරයිද?


1 වන එක්දින තරගය 

2012 නොවැම්බර් 1 වන දින
1430 , පල්ලෙකැලේ ක්‍රීඩාංගනය

ප්‍රධාන විස්තරය 

ග්‍රී ලාංකීය වැසියන් ගුවන  දෙස වැසි එනතෙක් බලා සිටි කාලය අවසන් කරමින් මුලු ග්‍රී ලංකා වාසීන්ට වැසි පිට වැසි ලැබෙමින් පවතී. ප්‍රශ්නය වී ඇත්තේ ක්‍රිකට් බලදාරීන් අන්තර් මෝසම ආරම්භ වන බව දැන දැනත් ග්‍රී ලංකාවේ ක්‍රිකට් තරග පවත්වීමට සූදානම් කර ඇත්තේ  ඇයිද යන්නයි.

පසුගියදා විසදුමක් රහිත වූ තරගය නැරබූ විට අපට පෙනී ගියේ නවසීලන්ත පිතිකරුවන් තවමත් ග්‍රී ලංකා තණ තීරු වලට හැඩ ගැසී නොමැති සැටියකි. තෙතමනයක් සහිත තණතීරු වලට පිතිකරුවන්  අකැමති වූවත් අපට පෙනී ගියේ නවසීලන්ත පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයකි.

ග්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මිශ්‍ර ප්‍රතිඵල සහිත වසරක් 2012 වර්ශය  හැදින්වූවත් අප ජයග්‍රහනය කල තරග වැඩි නිසා අපට තරමක් වාසි සහගත වසරක් ලෙස මෙම වසර හැදින්විය  හැක. ඕස්ට්‍රේලියාවේදී පැවැත්වූ CB කුසලානයේ අවසන් තරගයට පැමිනීමත්, පකිස්ථානය සමග පැවති එක්දින තරගාවලිය 3-1 ලෙස ජයග්‍රහනය කිරීමත් මෙම වසරේ ජයග්‍රහන දෙස බැලීමේදී කැපී පෙනේ. මෙම වසරේදී පැවැත්වූ තරග අතුරින් ග්‍රී ලංකා කණ්ඩායම  තරග 16ක් ජයග්‍රහනය කිරීමද තරග 11ක් පරාජයට පත්වීමද අප ආපසු බැලූ විට පෙනී යයි.

තවත් සැලකිය යුතු කරුණක් වන්නේ ICC මගින් ප්‍රකාශ කරණු ලැබූ නව නීති පද්ධතියයි.එම නිති මාලාව අතර  එක් ඕවරයක් තුල බවුන්සර් පන්දු 2 යැවීමට අවසර දී ඇති අතර පළමු ඕවර 10න් පසු එක් පවර් ප්ලේ අවස්ථාවක් දීමට කටයුතු කර ඇත. එම පවර් ප්ලේ අවස්තාව පන්දුවාර 40ට පෙර ලබා ගත යුතු අතර එහිදී පන්දු රකින්නන් උපරිම 3 දෙනෙකු යාර 30 සීමාවෙන් පිට සිටිය හැක.තවද ස්පයිඩර් කැම් නැමති ක්‍රීඩා ගාරයට ඉහලින් ගමන් ගන්නා කැමරාවේ පන්දුවේ  ස්පර්ශ වුවහොත් එම පන්දුව අජීවී පන්දුවක් ලෙස නම් කෙරේ.   වර්ශාව බාධාවක් නොවී ග්‍රී ලංකා නවසීලන්ත පලමු එක්දින තරගය පැවත්වුන හොත් එම නීති මාලව පලමු වරට යොදා ගන්නා පලමු තරගය මෙම තරගය වෙයි.

අවසන් වරට ක්‍රීඩා කර ඇති තරග (ප්‍රථමයෙන් අවසන් වරට ක්‍රීඩා කළ තරගය)
ග්‍රී ලංකාව - LLLWL
නවසීලන්තය - LLWLL

ඇස යොමු කළ යුතු ක්‍රීඩකයින්
ජීවන් මෙන්ඩිස් - පසුගිය තරගාවලි වලදී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ග්‍රී ලංකා කණ්ඩායමට ඉහල සේවයක් කල ජීවන් මෙන්ඩිස් සීමිත ඕවර තරග සදහා නැතුවම බැරි ක්‍රීඩකයෙකු ලෙස සදහන් කල හැකිය. පසුගිය ජූලි මස පැවැත්වූ ඉන්දියාව සමග එක්දින තරගාවලියේදී ලකුණු 45* සහ 72 ලබා ගත් මෙන්ඩිස් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට තමන්ගේ පා දග පන්දු පිතිකරුවන්ට යොමු කර ඇත.

නේතන් මැකලම් - පසුගියදා නිමාවට පත්වූ චැම්පියන්ස් ලීග් තරගාවලියේ ශූරයන් වූ සිඩ්නි සික්සස් කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෙකු වූ මැකලම් පළමු පන්දුවාර තුල විකට් ලබා ගත හැකි අසීරු  දග පන්දු යවන්නෙකි. තවද අසීරු අවස්ථාවල ඉක්මනින් ලකුණු කරා යා හැකි තුන් ඉරියව්වෙන්ම දක්ශතා ඇති ක්‍රීඩකයෙකි.

අනුමාන කණ්ඩායම් සංචිතය 

නවසීලන්ත  - 1 රොබ් නිකොල් 2. ටොම් ලේතම් 3. බ්‍රෙන්ඩන් මැකල්ම් 4. රොස් ටේලර් 5. කේන් විලියම්සන් 6. ජේම්ස් ෆ්රෑන්ක්ලින් 7. ජේකොබ් ඔරම් 8. නේතන් මැකලම් 9. කයිල් මිල්ස් 10. ටිම් සෞතී 11. රොනී හිරා

ග්‍රී ලංකාව - 1. තිලකරත්න  2. උපුල් තරංග 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5. දිනේශ් චන්දිමාල්/ ලහිරු තිරිමාන්න 6. ඇන්ජලෝ මැතිවුස් 7. ජීවන් මෙන්ඩිස් 8. තිසර පෙරේරා 9. නුවන් කුලසේකර 10. රංගන හේරත්/ අකිල දනන්ජය 11. ලසිත් මාලින්ග

ඔබ දන්නවාද? 

*නවසීලන්ත කණ්ඩායම මෙම ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයක් වන අතර ඒ 2011 ලෝක කුසලානයේ පකිස්ථානය සමග තරගයකි. එම තරගය නවසීලන්ත කණ්ඩායම ලකුණු 110කින් ජයග්‍රහනය කර ඇත.

*පල්ලේකැලේ ක්‍රීඩංගනයේදී පැවැත්වූ තරග 7න් තරග 4ක් පලමුව පන්දුවට පහර දීමෙන් ජයග්‍රහනය කර ඇත.


"  අපට ඉතාමත්ම හොද පන්දු යැවීමේ බලකායක් තිබෙනවා, තිසර පෙරේරා සහ තිලකරත්න දිල්ශාන් යන ක්‍රීඩකයන් මෑතකදී අපි යොදා නොගැනුනේ ඔවුන්වා අවස්ථානුකූලව යොදා ගැනීමටයි. ඔවුන් පිතිකරන අංශයෙන් කණ්ඩායමට ඉහල සහයෝගයක් ලබා දුන්නා, ඒ වගේමයි පන්දු රැකීමේ අංශයෙනුත්. එම නිසයි පසුගියදා නිමා වූ ප්‍රධාන තරගාවලියකදී අපි ඉදිරියෙන් සිටියේ , අපිට සියලුම අවස්ථා තිබෙනවා අපිට ඇත්තේ ඒවා අවස්ථානුකූලව යොදා ගැනීම පමණයි"      මහේල ජයවර්ධන. 

Tuesday, October 30, 2012

ක්‍රිකට් ප්‍රිමියර් ලීග් සහ ග්‍රී ලංකා ක්‍රිකට්

                                                       
 2008 වර්ශයේදී ඉන්දීය ප්‍රිමියර්  ලීග් තරගාවලිය ආරම්භ වීමත් සමග T20 උන්මාදය  ග්‍රී ලංකාව,  ඉන්දියාව ඇතුලු වෙනත් රටවල් වලට ඉතා ඉක්මනින් පැතිර ගියේ මෙය වෛරසයක් බවට අනතුරු අගවමිනි.
ඕස්ට්‍රේලියාවේ බිග් බෑශ් තරගාවලිද, එංගලන්තයේ ෆ්රෙන්ඩ්ස් ලයිෆ් T20 තරගාවලියද යන ක්‍රිකට් ලොව දැවැන්ත, තාක්ශනය අතින් දියුණු  රටවල් වල  ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලි පසු කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වූයේ ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේත් ක්‍රිකට් තරුත් ආකර්ශනයට පත් කරමිනි.ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන සුපිරි තරු සහ දක්ෂතා ඇති ක්‍රීඩකයින් මෙහෙදී වෙන්දේසී කෙරුන අතර තවත් සමහර ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් ආයතනය ගෙවනවා මෙන් 15 ගුණයකටත් වඩා මෙහෙදී හිමිවිය.

මා මේ ලිපිය ලිවීමට අදහස් කර ගත්තේ අයි.පී.එල් සංඛ්‍යාලේකන හෝ වාර්තා  දිග හැරීමට නොව එම තරගාවලිය නිසා ග්‍රී ලංකා ක්‍රිකට් වලට ඇතිවු බලපෑම සහ ග්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් වලට ඇතිවූ වාසි සහ අවාසි පිළිබදව විමසා බැලීමටය.

අයි.පී.එල් ගිවිසුම නිසා ග්‍රී ලංකා ක්‍රිකට් වලට මෑතකදී ඇතිවූ බලපෑම වන්නේ හිටපු නායක මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග නවසීලන්ත විස්සයි විස්ස සංචිතයට ඇතුලත් නොවීමයි. එහිදී ඔවුන්ව ඉවත් කිරීමට හේතුව ලෙස සදහන් කර තිබුනේ තරග වැඩි සංඛ්‍යාවක් එක දිගට ක්‍රීඩා කල නිසා විවේකයක් ලබා දීමටයි. විහිලුවකි... සැබවින්ම සිනහා පහල වන විහිලුවකි... බලධාරීන් නිවැරදිනම් කුමාර් සංගක්කාරට, තිලකරත්න දිල්ශාන්ට,,නුවන් කුලසේකරට  විවේකයක් ලබා නොදීමේ අරමුණ කුමක්ද?

අපට ඉන් පසුව ආරංචි වූයේ නොවැම්බර් මස 19 වෙනි දින ආරම්භ වන ද.අප්‍රිකා ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ පෙර පුහුණුවීම සදහා ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ආරම්භක පිතිකරු ශේන් වොට්සන් තම රට බලා යන පුවතයි.

මහේල ජයවර්ධනට, ලසිත් මාලිංගට සහ ශේන් වොට්සන්ට තම කණ්ඩායම් සමග ඇත්තේ සමාන ගිවිසුමකි. වෙනසට ඇත්තේ තම රටෙහි බලධාරීන්ගේ තත්වය ඔවුන් දැන සිටීමය.එම නිසා ශේන් වොට්සන් තම ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමට අවනත වී තම මව්බිම කරා පියාසර කර ඇති අතර අපේ කණ්ඩායමේ ජයේඨතම ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය 26 වනදා තෙක් තම කණ්ඩායම සමහ රැඩී සිටීමයි. මෙහි තවත් පැතිකඩක් වන්නේ මාලිංග සහ මහේල යන ක්‍රීකකයන් දෙදෙනා පසුගිය කාල වකවානුවේ එක දිගට ක්‍රීඩා කර ඇත. මාලිංග වැනි පන්දු යවන්නන් එක දිගට ක්‍රීඩා කිරීමෙන් සිදුවන්නේ ඔවුන් තව තවත් ආබාධ වලට ගොදුරු වීමකි.
මෙහිදී සිදුවන්නේ මොවුන්ගෙන් තම කණ්ඩායමට උපරිමයක් ඉටු නොවීමයි. මෙහිදී වැඩි දෝශාරෝපනයක් එල්ල වන්නේ පන්දු යවන්නාටයි. මක්නිසාද යත් පිතිකරුවාගේ දුර්වල ස්ථානයක් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සොයාගත්තා යනු පිතිකරුවාට සාර්ථක වීමට තවත් මග පාදන්නකි. තවද පන්දු යවන්නන්ට මුහුන දී ඔවුන් තව තවත් අත්දැකීම් ලබා ගනී. නමුත් මාලින්ග වැනි  පන්දු යවන්නෙක් ගත්විට ඔහු හදුනා ගැනීමට අපහසු පන්දු යවන්නෙකි

අවසන් වශයෙන් සදහන් කල යුතු දෙයක් ඇත. ප්‍රිමියර් ලීග් වැනි තරගාවලි සදහා අවශ්‍ය ක්‍රීඩකයාගේ දක්ශතාවය මිසක ක්‍රීඩකයා නොවේ. හොදම උදාහරනය වන්නේ ග්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරියයි. 2008,2009 වර්ශවලදී අති සාර්ථකව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කල සනත් ජයසූරියට 2010 වර්ශයේදී තරග කිරීමට හිමි වූයේ තරග 3 ක් පමණි. එම තරග 3 අසාර්ථක වූ ජයසූරිය ඉන් පසු තරගාවලියේ වෙන්දේසියට නම ඇතුලත් වූයේවත් නැත. නමුත් ජයසූරිය ජාතික කණ්ඩායමේ සිටියදී ඔහු අසාර්ථක පිට අසාර්ථක වෙද්දී ඔහුට දුන් අවස්ථා අතේ ඇගිලි ගණනටත් වැඩි බව ඔබ දනී. ඔහු අසාර්ථක වෙද්දී ඔහුව කණ්ඩායමේ තබා ගත්තේ ග්‍රී ලංකා කණ්ඩායමට වෙන්ත් ආදේශ ක්‍රීඩකයන් නැති නිසාද? නැත, ඔහුව කණ්ඩායමේ තබා ඔහුව රිද්මයකට ගෙන ඒමටය.
එම හේතුව මතක තබා ක්‍රීඩකයන් දැන්වත් සිතිය යුත්තේ තම ජාතික කණ්ඩායම නැතිනම් තමනුත් අද මෙතන නැති බවය.

Followers

 
Powered by Blogger